මුල් ළමාවිය සංවර්ධන ඒකකය
ecdunit.cp@gmail.com| 0812424337| No. 2A, New Town, Kundasale

මුල් ළමාවිය සංවර්ධන ඒකකය

No. 2A, New Town, Kundasale

දැක්ම

විධිමත් පාසල් අධ්‍යාපනය සඳහා දැනුමෙන් හා නිපුණතාවයෙන් සංවර්ධිත පිරිපුන් දරුවකු සූදානම් කිරීම

මෙහෙවර

මුල්‍ ළමාවිය අවධියේ පසුවන දරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමත් කායික හා මානසික වශයෙන් දරුවා ශක්තිමත් කිරීමත් ඒ සඳහා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පිළිගත් ප්‍රමිතින් යටතේ පවත්වාගෙන යාම සඳහා වන ක්‍රමවේදයන්, ප්‍රඥප්ති සකස් කිරීම , ඒවා ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම තුළින් නිසියාකාරයෙන් දරුවාගේ මුල්‍ ළමාවිය සංවර්ධනය කර විධිමත් පාසල් අධ්‍යාපනය සඳහා මනාව සූදානම් දරු පරපුරක් බිහි කිරීම.

අපගේ ඉතිහාසය

1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 (ආ) වගන්තිය අනුව පළාත් සභා පිහිටුවා ඇත.

පාර්ලිමේන්තුව විසින් එම පළාත් සභාවන්හි කටයුතු විධිමත්ව කරගෙන යාම සඳහා 1987 අංක 42 දරණ පළාත් සභා පනත සම්මත කර ඇත.13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154 (ඊ) විදිවිධාන අනුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අනෙකුත් අමාත්‍යවරු සිව්දෙනා විසින් අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විධිවිධාන නියම කර ඇත.

ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත් ද්‍රවිඩ අධ්‍යාපන හා මුස්ලිම් පාසල් කටයුතු, සංස්කෘතික කටයුතු, ඉඩම්, වෙළඳ හා වාණිජ, ආහාර සැපයුම් සහ බෙදාහැරීමේ කටයුතු, සංචාරක, ක්‍රීඩා හා ආයෝජන සම්බන්ධීකරණ හා වෙනත් අමාත්‍යංශයන් යටතට නොගැනෙන විෂයයන් භාර අමාත්‍යාංශය ක්‍රියාත්මක වේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව 2015 අංක 3 දරණ මධ්‍යම පළාත් සභාවේ මුල් ළමාවිය සංවර්ධන ප්‍රඥප්තිය සම්මත කර එමගින් මධ්‍යම පළාත තුළ මුල්‍ ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අධීක්ෂණය කිරීම පරිපාලනය කිරීම හා මෙහෙයවීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය යටතේ මධ්‍යම පළාත් මුල්‍ ළමාවිය සංවර්ධන ඒකකය ස්ථාපිත කර ඇත.

නිලධාරීන්

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි ජනාධිපතිවරයා
ජි.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්
මධ්‍යම පළාතේ පස්වන ප්‍රධාන ලේකම්
මදුපානි පියසේන
ලේකම්
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය මධ්‍යම පළාත
එච්.එම්.ඩී.එස් හීන්කෙන්ද
අධ්‍යක්ෂ
මුල් ළමාවිය සංවර්ධන ඒකකය මධ්‍යම පළාත
Contact No
0812424337
Address
No. 2A, New Town, Kundasale
Email
ecdunit.cp@gmail.com
මුල් ළමාවිය සංවර්ධන ඒකකය
මධ්‍යම පළාත
© 2025 ECDU. All rights reserved