කළමනාකරණ කමිටුවේ කාර්යයන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය
උපදෙස් සහ මගපෙන්වීම ලබාදීම සඳහා දහනව දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් පත්කරනු
ලැබේ.
උපදේශක කමිටුවේ සංයුතිය
01.මධ්‍යම පළාත් ප්‍රධාන
ලේකම්.
02.පළාත් ප්‍රධාන
අමාත්‍යාංශයේ ලේකම්වරයා.
03.පළාත් අධ්‍යාපන
අමාත්‍යංශය ලේකම්වරයා.
04.පළාත් සෞඛ්‍යය
අමාත්‍යාංශය ලේකම්වරයා.
05.මධ්‍යම පළාත
තුළ සිටින දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කෙනෙක්
06.නියෝජ්‍ය ප්‍රධාන
ලේකම් (මුදල්)
07.පළාත් භාර
නියෝජ්‍ය පොලිස්පති.
08.පළාත් අධ්‍යාපන
අධ්‍යක්ෂ.
09.ජාතික ළමා
ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ හෝ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතයෙක්.
10.පේරාදෙණි විශ්ව විද්‍යාලයේ
උප කුලපතිවරයා විසින් නම් කරනු ලබන අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නියෝජිතයෙක්.
11.වැවිලි මානව
සංවර්ධන භාරයේ අධ්‍යක්ෂ විසින් නම් කරනු ලබන නියෝජිතයෙක්.
12.මධ්‍යම පළාත්
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන විෂය භාර අධ්‍යක්ෂකවරයා.
13.මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක
තුන නියෝජනය කරන මුල් ළමාවිය සංවර්ධන දිස්ත්‍රික් සංසදයන්හි සභාපතිවරුන්.
14. ගරු ප්‍රධාන අමාත්‍යතුමන් විසින් නම් කරනු ලබන
සාමාජිකයින්.
1.මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මනා
පරිශයක් ඇති නියෝජිතයෙක්.
2.මධ්‍යම පළාත තුළ මුල් ළමාවිය
සංවර්ධන කාර්යයෙහි
නියුතු නියෝජිතයෙක්.
3.මධ්‍යම පළාත
තුළ මුල් ළමාවිය සංවර්ධන විෂයට අදාළව සක්‍රීයව කටයුතු කරන රාජ්‍ය නොවන
සංවිධානයක හෝ ශ්‍රී ලංකාව තුළ පිළිගත් විදේශිය ප්‍රදායක ආයතනවල නියෝජිතයන්
දෙදෙනෙකු.